ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තවත් මාස 6 පමණ කාලයකින් ආරම්භ කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත.
නාගපට්ටිනම් වාරයේ මගී පර්යන්තයක් ඉදි කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත් එහි වැඩකටයුතු නිම කිරීම සඳහා තවත් මාස 4 ක 5 ක කාලයක් ගත වන බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත .
ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය රුපියල් කෝටි 8 ක මුදලක් වෙන්කර තිබෙන බවත් එම මුදල නාගපට්ටිනම් වැනි කුඩා වරායන් නඩත්තු කරනා තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලයට අනාගතයේදී ලැබෙනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබේ.
