ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයකු වන රේ ජයවර්ධන මහතා පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර රේ ජයවර්ධන මහතා අමෙරිකාවේ කෝර්නල් විශ්ව විද්‍යාලයේ කලා හා විද්‍යා විද්‍යාලයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
විශිෂ්ට විද්‍යාඥයකු සහ සම්මානලාභී ලේඛකයකු වන රේ ජයවර්ධන නව සොයාගැනීම් සඳහා උද්යෝගීමත්ව කටයුතු කළ දූර්දර්ශී නායකයකු බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සභාපති රොන් ඩැනියෙල්ස් හොප්කින්ස් විසින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මීළඟ ප්‍රධානියා ලෙස සේවය කිරීමට සුදුසුම පුද්ගලයා රේ ජයවර්ධන බවයි.
ඒ අනුව ඉහළ තනතුරකට පත් වූ ගෞරවනීය ලාංකිකයන් අතරට රේ ජයවර්ධන ඉතිහාසයට එක්වෙනවා.
