කැකිරාව දිසා මහේස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොණුවක ලේඛන පිටපත් දෙකක් ඉරා විනාශ කල නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය සදහන් කරයි .
ඊයේ (27) කැකිරාව අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුලදී ඇය අධිකරණ ලේකණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කිරීමේ වරදටඑම නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියකි.
සිද්දිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන් සැකකාර නීතීඥවරිය පරික්ෂා කර ඇති අතර එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය කියයි.
