දෙමාපියන් විසින් පාසලට දරුවන් රැගෙන යාමේදී සහ වෙනත් අවශ්‍යතා සඳහා පාසලට පැමිණීමෙදී සැරසි පැමිණිය යුතු ඇදුම් සම්බන්ධයෙන් පාසල විසින් පනවා තිබෙන සීමාවන් නිසා ඔවුන් මුහුණපාන අපහසුතාවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දෙමාපියන් විසින් දැනුම් දීමක් කර තිබෙනවා .
ඇතැම් දෙමාපියන් තම රැකියාවට යන අවස්ථාවේදී දරුවන් පාසලට රැගෙන එන අතර පාසල් තුළ පැවැත්වෙන රැස්වීම් වලට සහභාගි වෙන්න ද තම රැකියාව කරන අතරතුර වීමත් නැවත ඔවුන් ඒ සඳහා ම සූදානම් වීමට කාලයක් නැති බැවින් ඔවුන් දැඩි ආපස්සට පත්වී තිබුණි.
එබැවින් ඔවුන් පවසන්නේ පාසල වෙත පහසු ඇදුමකින් සැරසී පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
එම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන ලේකම් විසින් පාසලට පැමිණෙන දෙමාපියන්ගේ ඇදුම් සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවට පත් කරන දැන්වීම් පළකිරීමෙන් වළකින ලෙස සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ලිපියට අනුව දෙමාපියන් හට දරුවන් ගේ අවශ්‍යතා වෙනුවෙන් පාසලට පැමිණීමේදී පාසලේ හා දෙමාපිය ගරුත්වය රැකෙන පරිදි විනිත ඇදුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් වෙත දන්වා තිබෙනවා.
