ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමෙන් අයකරගත් සියයට පහක රැඳවුම් බද්ද නිදහස් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
පවතින නීතිය අනුව එම රැඳවුම් බද්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙතෙක් නිකුත් කෙරුණේ වසරකට පසුව බවද මෙම සියයට පහේ රැඳවුම් බද්ද අය කෙරුණේ සාමාන්‍ය බදු නීති අනුව බව ද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම රැඳවුම් බද්ද කෙටිකාලීනව නිදහස් කිරීමට ක්ෂණික වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද ප්‍රකාශ කළේය
නොගැලපෙන රඳවා ගැනීම් සියල්ල වර්ෂයකට පෙර නිදහස් කිරීමට
කටයුතු කරන අතර සේවකයන්ගේ උපයනවිට බද්ද අදාල සේවකයන් මිස ආයතනවලට ගෙවීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය
