මෙරට නිෂ්පාදනය කරන බිත්තර උපරිම සිල්ලර මිල රුපියල් 35/= කට අලෙවි කළ හැකි බව වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටිනවා.

පසුගිය දා රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ ගණනය කිරීම අනුව මෙම මිල ගණන් ලබා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

දිනකට ලක්ෂයකට වඩා බිත්තර නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් සිව්දෙනෙක් කර්මාන්තයට විශාල බලපෑමක් කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන බවත් එමඟින් අදාළ ව්‍යාපාරිකයන් සිව්දෙනා ඒකාධිකාරයක් පවත්වාගැනීමට සහ අධික ලාභයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය .

මේ අතර නලින් ප්‍රනාන්දු මහතා පෙන්වාදුන්නේ, රුපියල් 300/- කට පමණ අලෙවි කළ කුකුළු පැටවෙක් මේ වනවිට රුපියල් 950/- පමණ දක්වා වැඩිකර ඇති නිසා කුඩා සහ මධ්‍ය පරිමාණ කුකුළු ගොවීන්ට කර්මාන්තය පවත්වාගෙනයාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව මිලියන 8.5 ක් වන අතර මෙරට දෛනික බිත්තර හිඟය මිලියන 2.5 ක් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page