ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කර ඇති අතර එය ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 ඉක්මවා ඇති බව පවසයි .

අර්තාපල් තීරු හෙවත් French Fries මෙරට ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක පමණ මුදලක් විදේශ රටවලට ඇදී යයි.

ගොවීන් 250 කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව විසින් මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 1000 බව සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page