පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරන උතුරු හා නැගෙනහිර පළාත්වල හා දකුණේ ඇතැම් දේශපාලනඥයන් 13 වන සංශෝධනය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳිය හැකි වන්නේ දෙපාර්ශ්වයේම විශ්වාසය හා අවබෝධය තුළින් පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටි .

13 සංශෝධනය මගින් කිසි සේත්ම රට බෙදීමක් සිදු නොවන බවත්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ අදහස් ලබා ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ කැඳවා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ඉතා යෝග්‍ය බවත් ඔහු සඳහන් කරන ලදී

. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් 13 වැනි සංශෝධනය හඳුන්වා දෙන සමයේ දී එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ වත්මන් ජනාධිපතිවරයා බලය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය

මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදිය හැකි වන්නේ දෙපාර්ශ්වයම විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් පමණක් වන අතර ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියහ.

උතුරු නැඟෙනහිර දේශපාලන නායකයන් ද පූර්ණ බලය බෙදීමක් ඉල්ලා සිටිනවා. මේ දෙපාර්ශ්වයම කටයුතු කරන්නේ දැඩි ස්ථාවරයක සිටයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ දෙපාර්ශ්වයම මධ්‍යස්ථ ප්‍රවේශයකින් යුතුව සුහදව සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම මේ රටේ ඉදිරි ගමනට වඩාත් සුදුසු බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page