රට තුල වෛද්‍යවරුන්ගේ හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය රටවලින් වෛද්‍යවරු මෙරටට ගෙන ඒමට සිදු වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරු රට හැරයාමෙන් මේ වන විට රෝහල් අර්බුදයට මුහුණ දි ඇති බවත් එසේ වෛද්‍යවරුන් රට හැර යාමට ප්‍රධානතම හේතුව රජය පනවා ඇති අධික බදු සහ රටේ පවතින අස්ථාවරභාවය බව ඔහු වැඩිදුරටත් සදහන් කරන ලදී .
