මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විශේෂඥ වෛද්‍ය ගැටලුව සමගි ජන බලවේගය ආණ්ඩුවක් තුළින් විසඳීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා සදහන් කරයි .
විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
තම රජයක් යටතේ ඔවුන්ගේ ගැටලු විසදීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කිරීමට හැකියාව ඇති බවද වෛද්‍යවරුන් වෘත්තීය ප්‍රශ්න කතා කිරීමට ජනාධිපති මන්දිරයට පැමිණෙන විට පොලීසිය හමුදාව ඇතුළු කැරළි මර්දන ඒකක යෙවීම ගැන තමන් කණගාටුවට පත්වන බව ද ඔහු සඳහන් කර සිටිහ
