රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි .
පසුගියදා කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් සාලිය පීරිස් ඒ බව සඳහන් කර සිටියේ ..
රටේ ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම බවත් දැන් අධිකරණයේ ස්වාධීනත්වය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් බවත් ඔහු සදහන් කලා.
අපිට හුරුවෙලා තියෙන මානව අයිතිවාසිකම්, අපිට හුරුවෙලා තියෙන මිනිස් නිදහස, අපිට හුරුවෙලා තියෙන ඡන්ද බලය මේ හැම එකක්ම රඳා පවතින්නේ මේ රටේ අධිකරණය ස්වාධීන නම් පමණක් බවත් ඔහු සදහන් කලා.
අපේ රටේ අධිකරණයක මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් EPF එකට වෙන බලපෑම පිළිබඳව නඩු විභාගයක් තියෙනවා.
පසුගිය මාර්තු මාසයේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දුන්න මුදල් ඇමතිවරයාට වත්මන් ජනාධිපතිවරයා තමයි මුදල් ඇමති ධුරය දරන්නේ. පළාත් පාලන ඡන්ද විමසීම්වලට අවශ්‍ය කරන මුදල් නවත්වන්න එපා ඒවා නිදහස් කරන්න පියවර ගන්න කියලා
මේ වෙනතුරු ඒ අධිකරණ නියෝගයට අවනත වෙලා නැහැ.
ඒ සිග්නල් එක තමයි කියන්න අධිකරණය මොනවා කිව්වත් ඒක භාරගන්නේ නැහැ කියන එක. ඒක කොයිතරම් භායනක දෙයක්ද? ඇත්ත වශයෙන්ම අධිකරණයට කරන ලද තර්ජනයක් හැටියටයි මම දකින්නෙ ” ලෙස ඔහු වැඩිදුරටත් පවසන ලදි .
