ඇතැම් දේශපාලකයන් ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි ක්‍රියවන්වල යෙදුනහොත් එම තත්වය ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් පශු සම්පත් අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා විසින් පසුගිය ඉරිදා ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙම අදහස් දක්වා ඇත.

“ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් ජීවන් තොන්ඩමාන් අමාත්‍යවරයා එදින ප්‍රකාශ කර තිබුණි.

මෙවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page