ඉතාලියේ නව තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් (Mr. Damiano Francovigh ) මහතා
අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දිම සිදු කරන ලදි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉතාලි තානාපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් පිළිගනු ලැබ ඇත.

පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නව තානාපතිවරයා සුහද කතා බහක ද නිරත විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page