රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000 ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සදහන් කරයි .

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

ඒ අනුව නව උපාධිධාරී ගුරුවරු 5500 ක් සහ දෙවන භාෂා ගුරුවරුන් ලෙස ගුරුවරුන් 2500 ක් බඳවා ගැනීමට නියමිත බවත් රටේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නඟා සිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත් සදහන් …

රට තුළ ආර්ථික අර්බුදයක් පැවතියත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු සදහා රජය වැඩි අවධානයක් යොමු කර කටයුතු කර ඇති බවත් රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ එම ක්ෂේත්‍රයේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනාධිපතිවරයා නිරන්තරයෙන් විමසන බවත් ඔහු සදහන් කලා

ඒසෙම ස්ටීම් (STEAM) අධ්‍යාපන ක්‍රමය මේ වන විට ලෝකයේ රටවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමයක් බවත් ඒම සංකල්පය අපේ රටේ ද ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

දරුවන් තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීමට මෙන්ම නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බවත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට වෘත්තීය, තාක්ෂණික මෙන්ම ඉංග්‍රීසි ඇතුළු භාෂා පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ සඳහා දිවයිනේ පාසල් 320ක් දැනටමත් තෝරාගෙන තිබෙන අතර . එම වෘත්තීය පුහුණු වැඩසටහන ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page