ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය අරනගන්විල ප්‍රදේශයේන් වාර්තා වූ අතර එය ම්ම් 68.7 ක් ලෙස දැක්විය හැක.
වැඩිම උෂ්ණත්වය වව්නියාවේන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 37.6 වේ.
අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 13.0 වේ.
2023 අගෝස්තු මස 25 වන දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල කාලගුණ අනාවැකිය
