නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) ත්‍රීකුණාමලය ගුවන් හමුදා කදවුරේ පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධනය පිළිබඳ රැස්වීමට සහභාගී වෙමින් ය.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල පරිදි ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරා.

දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් සහ මහවැලි ඉඩම් පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එම ඉඩම් ලබාදීම පිළිබඳ වාර්තාවක් සතියක් තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නා.

සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රමුඛ සාධකය ඉඩම් බවත්, එය නිසි කළමනාකරණයකින් පවත්වාගෙන නොගියහොත් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා

එසේම තරගකාරි ලෙස ආගමික ස්ථාන ඉදි කිරීම නතර කළ යුතු බවත්, ඉදිරියේ දී ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන ඉදිකිරීමේ දී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බව නිලධාරීන්ට දැනුම් දුන්නා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page