දිවයින පුරා මේ වන විට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවතින බව වාර්තා වේ.
මේ වන විට මොරගහකන්ද ජලාශ ද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර ජාලාශයට යටවී තිබු පැරණි ගොඩනැගිලි මතුවි ඇති බවත් ඒ අතර ඇලගමුව කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිලි ද ඇලගමුව ගම්මානයේ වෙහෙර විහාර, නිවාස දේපළ සහ නටබුන් ආකාරයට දැක ගැනීමට හැක.
වර්ග කිලෝමීටර් 28.8 කි. පුරා පැති ඇති මොරගහ කන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 452000 ක් වන අතර මේ වනවිට ඒය අක්කර අඩි 98,800 ක් දක්වා පහත වැටි ඇති බව කාර්යභාරය ඉංජිනේරු සී.එස්. බණ්ඩාර මහතා සදහන් කරයි .
