මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වෙමින් පවසන ලදි.

ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය අගය කරන බවත් ඊට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශීර්වාදය හිමිවන බවත් ප්‍රධාන දේව මෙහෙයට එක් වූ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් පැවසූහ.

රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන් හිමිපාණන් රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙක් නොවි රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද යන්න තමන් කරන ක්‍රියාව අනුව තිරනය වන බව හිමිපාණන් අවධාරණය කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා …

මඩු මාතාවට යාච්ඤා සිදු කරමින් තමන්ට සහනයක් ලබා ගැනීමට බොහෝ බැතිමතුන් මෙහි පැමිණෙනවා. පසුගිය වසරේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ විශාල ජනතාවක් මෙහි පැමිණ මඩු මාතාවගේ පිහිට ආරක්ෂාව ඉල්ලා සිටියා. එම දුෂ්කර අවස්ථාවේ මඩු මාතාවගේ ආශිර්වාදය අපට ද ශක්තියක් වූ බව සදහන් කලා.

මඩු මාතාව වැඩ සිටින මෙම මන්නාරම ප්‍රදේශය පුනර්ජනනීය බලශක්තිය බහුලව ඇති ප්‍රදේශයක්. මෙහි ඇති සූර්ය ශක්තිය, සුළං ශක්තිය සහ හරිත ශක්තිය සමඟ මන්නාරම දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය හැකියි.

එසේම පූනරීන් බලශක්ති නගරයක් බවට පත් කිරීමටත් අප සැලසුම් කර තිබෙනවා. මෙම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කරන්නෙ මේ ශුද්ධ භූමිය හා වනාන්තර ආරක්ෂා වන අන්දමින් බව මම කියන්න කැමතියි. එමෙන්ම මෙම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී මෙහි පියතුමන්ලාගේ අවවාද අනුශාසනා ලබාගන්නා ලෙස මම නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා .

මෙම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියලු කටයුතුවලින් අප බලාපොරොත්තු වන්නේ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය මම බලාපොරොත්තු වෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page