ප්රධාන පෙළේ ආරක්ෂක අංශ ප්රධානියකු පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
නීතිපතිවරයා විසින් ලබා දී ඇති ලිඛිත නියෝගයක් මත පරීක්ෂණ මෙය වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිදු කරමින් පවතී.
අරගල කාලසීමාවේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට විධිමත් පියවර නොගැනීම, පැහැදිලි නියෝග ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක් මෙම ආරක්ෂක ප්රධානියාට එල්ලවී ඇති චෝදනාවන් වේ.
ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පත් කරන ලද පරීක්ෂණ කමිටුව විසිනි මෙම චෝදනා පිළිබඳව විමර්ශනය කළ යුතු යැයි නිර්දේශ කර ඇති බවත් මෙම ප්රධානියාගෙන් රහස් පොලිසිය ප්රශ්න කිරීමට නියමිතව ඇති බවත් පරීක්ෂණයෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් වැඩිදුරටත් සදහන් කරයි
