වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි .
රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත් රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා පවසයි .
අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා….
පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා.ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා.
වත්මන් රජය පත්වී තවම ගතවී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක් වන බැවින් එහි සියලු අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නැති බවත් වසරක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සැලකිය යුතු වැඩකොටසක් ඉටු කර ඇති බවත් සදහන් කලා.
මත්ද්‍රව්‍ය ජාවරම මැඩලීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු සදහන් කරා.
දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමත් සමග විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය, ආරක්ෂක අංශ සමඟ එක්ව දකුණු පළාතේ සුවිශේෂී මෙහෙයුම් ආරම්භ කළා. ඒ අනුව දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු අන්දමින් මර්දනයට කිරීමට අපට හැකියාව ලැබුණා .
ඒ වගේම රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් රජය ක්‍රියාත්මක කර තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමට රජය කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ.
