සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට අදාළ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි ගෙන එන ලද මෙම විශ්වාසභංගය සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණු අතර ඒ සදහා 6 වනදා සිට පාර්ලිමේන්තුව තුල විවාදයට ගන්නා ලදී.
ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5.30 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සදහන් කරයි .
