මෙරට සෞඛ්‍ය පිළිබඳව මහජනතාව තුල වැරදි චිත්‍රයක් නිර්මාණය කරමින් ඇතැම් කණ්ඩායම් ජනතාව නොමග යවන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුද නිර්මාණය කිරීමට ඇතැම් කණ්ඩායම් විසින් ඇත්ත ප්‍රශ්ණය වෙනුවට බොරු ප්‍රචාර සිදු කර වැරදි සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් ජනතාව නොමග යවමින් සිටින බවත් ඔහු සදහන් කර සිටිනවා .

අද දින (08) මීගමුව දිස්ත්‍රික් රෝහලේ පැවති විශේෂ පුහුණු වැඩමුළුවක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමින් ඔහු තවදුරටත් සදහන් කර සිටියේ .

අද වන විට සෞඛ්‍ය කේෂත්‍රයේ ප්‍රශ්ණයක් තිබෙන බව අපි දන්නවා. නමුත් ඇත්ත ප්‍රශ්ණය කතා කරනනේ නැතිව වෙනත් අනවශ්‍ය දේවල් පටලවන්න ඇතැම් කණ්ඩායම් උත්සාහ කරනවා .සෞඛ්‍ය පිළිබඳව මහජනතාව තුල වැරදි චිත්‍රයක් මවනවා.

සෞඛ්‍ය කේෂත්‍රය සම්බන්ධයෙන් එන ප්‍රශ්ණ අපි භාරගන්න ඕනෑ. බාර අරගෙන එයට සත්‍ය පිළිතුරු ලබා දෙන්න ඕනෑ. තමන්ගේ ගෙදර, තමන්ගේ ගමේ, නගරයේ, මළගෙදර, දානෙ ගෙදර, වැඩබිමේ ඇත්ත කතාකරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙන් සත්‍ය කරුණු ජනගතකරමින් ජනතාව තුල විශ්වාසය තහවුරු කිරීම අපේ වගකීමක්.

අපේ රට යොදන මුදලට සාපේක්ෂව හොද සෞඛ්‍ය සේවයක් ලබා දෙන රටක් . ජනතාවගේ ආයුකාලය, මාතෘ මරණ අනුපාතය, ළදරු අනුපාතය ආදී දර්ශක පරීක්ෂා කිරීමේ දී කළාපයේ අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටිනවා. සමහර දේශපාලන කණ්ඩායම් බොරු දත්ත ඉදිරිපත් කරමින් සෞඛ්‍ය සේවය තුල අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා.

ඊයේ දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මම දැක්කා විටමින් සී සම්බන්ධයෙන් කතාවක් යනවා. එහිදී, විටමින් සී වැඩිපුර ගෙනැත් ගබඩාකර තිබෙනවා කියා විපක්ෂය චෝදනා කරනවා. නමුත් මම ඒ සම්බන්ධයෙන් සොයා බැලුවාම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇනවුම් කල ප්‍රමාණයට වඩා ආනයනය කර රෝහල් වල ගබඩා කර නෑ. නමුත් විපක්ෂය මේ සම්බන්ධයෙන් බොරු දත්ත ඉදිරිපත් කරමින් ජනතාව නොමග යවනවා.

මේ ලෝකයේ දියුණුම රට ඇමරිකාව නමුත් පසුගිය කොවිඩ් වෛරසය නිසා මිනිස්සු වැඩිපුරම මිය ගියේ ඇමරිකාවේ. අපේ රටේ මියගියේ සාපේක්ෂව අඩුවෙන් එම නිසා මෙම කරුණු වාර්ථාකරණයේදී අපි සෞඛ්‍ය කේෂත්‍රෙය් විශ්වාසය ඇති වන පරිදි කරුණු තහවුරු කරගෙන වාර්ථා කල යුතුයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page