දින 2 පාර්ලිමේන්තුවිවාදයට ලක් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අද ප.ව 7.00 ට පමණ පැවති පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 58ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 45 කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත විය.

අනතුරුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර පනත් කෙටුම්පත තෙවනවර කියවීම ජන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස 2023 සැප්තැම්බර් 8 වනදා සිට බලාත්මක වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page