මේ වසරේ මුල් මාස 8 තුලදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළඳපොළෙන් රුපියල් 5,634,000,000,000 (බිලියන 5,634) ලබාගන ඇති බව වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි .

භාණ්ඩාගාර බිල්පත්වලින් රුපියල් 4,799,000,000,000 (බිලියන 4,799) සහ බැඳුම්කර වෙළඳපොලෙන් රුපියල් 855,000,000,000 ( බිලියන 855) ක් වශයෙන් මෙසේ ණය ලබාගෙන ඇතැයිද ඔහු සදහන් කරයි .

මෙම ගත් ණය සඳහා පොලිය වශයෙන් රුපියල් 460,000,000,000 ( බිලියන 460) ක් ගෙවීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් දේශීය වෙළඳපොලෙන් රුපියල් 1,020,000,000,000 (බිලියන 1020) ක් ණය ලබාගෙන ඇතැයිද පැවසීය.

මේ අතර අගෝස්තු මස අවසාන සතියේදී පමණක් රුපියල් 350,000,000,000 ( බිලියන 350) ක ණය ලබාගෙන ඇතැයිද ඔහු සදහන් කරා.

මේ වසරේ මුල් මාස හතේදී බිල්පත් ආදායම් නොලැබීම,රජයේ වියදම් වර්ධනය වීම සහ දිගින් දිගටම දේශීය කෙටි කාලීන ණය කල්පිරීම යන කාරණා හේතුවෙන් දේශීය වෙළඳපොළෙන් රජයට මෙසේ ණය ලබා ගැනීමට සිදුව ඇතැයි මහාචාර්යවරයා පැවැසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page