මොනරාගල ප්‍රදේශයේ වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට පවරාගත් ඉඩම් නැවත ගොවීන්ට ලබාදීමට ගත හැකි පියවර කඩිනමින් සොයාබලන බව වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය හා මොනරාගල ප්‍රදේශයේ ගොවීන් අතර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරිය මේ බව පෙන්වා දුන්නාය.

එහි දී ගොවින්ට නිසි පරිදි අක්කර පහ බැගින් අක්කර 25 000ක් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව අමාත්‍යවරිය එහි දී වැඩිදුරටත් පැවසුවාය.

පැමිණ සිටින ගොවීන් පැවසුවේ මේ වන විට තමන් වගා කටයුතු කරමින් සිටි ඉඩම් ද අදාළ දෙපාර්තමේන්තු ඔවුන් යටතට පත්කොට ඇති හෙයින් ගොවීන් ඉතාමත් අසරණ තත්වයට පත්ව සිටින බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page