පාතාල නායක නදුන් චින්තක හෙවත් හරක් කටාට පිටවීමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීමට පෙර විදේශ ගත වීම සදහා විදේශ ගමන් බලපත්රයක් සකස් කර තිබී ඇති බවට තොරතුරු වාර්තා වේ.
පසුගිය අගෝස්තු (21) වන දින මෙම විදේශ ගමන් බලපත්රය සකස් කර ඇති අතර එම කොස්තාපල්වරයා කුමණ රටකට පලායාමට සිටියේද යන්න තවමත් තහවුරු වී නොමැත.
පසුගිය (10) දින දහවල් සිට රවිදු සංදිප ගුණසේකර (97402) නමැති මෙම කොස්තාපල්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලාගොස් අතුරුදන්ව ඇති අතර මේ වන තුරුත් ඔහු පිළිබඳව නිසි තොරතුරක් ලැබි නැත
