හෙද සේවාවේ පවතින පුරප්පාඩු සඳහා හෙදියන් 1,000 ක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත .
නිවේදනයක් නිකුත් කරමින්
සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව සඳහන් කර ඇත.
පසුගිය වසර දෙක තුළ සීමාවාසික වෛද්‍ය පත්වීම් 3,463 ක් , පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් 2,648 ක් , හෙද පත්වීම් 2,791 ක් ,හෙද විදුහල්වලට බඳවා ගැනීම් 3,316 ක්,වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් 238 ක් , විකිරණ ශිල්පීන් 38 ක් , වෘත්තිය චිකිත්සකයින් 45 ක් බඳවා ගෙන ඇති බව ද අදාළ නිවේදනයේ තවදුරට ත් සඳහන් කර ඇත.
එමෙන් ම, සෞඛ්‍ය කාර්යය සහයක ලෙස බහුකාර්ය සහයකයින් 1000 ක් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට පසුගිය මාස කිහිපය තුළ බඳවා ගෙන ඇත.
