ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

IMF සමාලෝචන සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වන අතර මෙම පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය සඳහා ශක්තිමත් ස්ථානයක තබන බවත්, ඒ අනුව, 2024 දී අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page