මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත 15 දින සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.බැංකුව මගින් මීට පෙර සිදු කළ මුදල් මුද්‍රණය සිදු කළ හැක්කේ ඉතා සීමාසහිතව සුවිශේෂී තත්ත්වයන් යටතේ බවයි.
රට තුළ පවතින විශේෂ ආරක්ෂක ගැටලුවක දී සහ ලෝක මට්ටමේ සෞඛ්‍ය ගැටලුවක දී පමණක් එම අවස්ථාව හිමි වේ.
එසේ මුදල් මුද්‍රණය කළ හැකි වන්නේ ද නිකුත් කර ඇති භාණ්ඩාරගාර බිල්පත් වටිනාකමෙන් 5%ක වටිනාකම නොඉක්මවන මුදලක් පමණක් බවද
මීට අමතරව මහ බැංකුව උද්ධමන ඉලක්කයක් අනුව කටයුතු කළ යුතු අතර ඊට ළගා වීමට අපොහොසත් වුවහොත් ඒ් සම්බන්ධයෙන් හේතු දැක්වීමට ද මහ බැංකුවට සිදු වේ.
මහ බැංකුවේ සාමාන්‍ය පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා සහභාගී නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එම මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පවා නව මහ බැංකු පනතට ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි. එම පත්වීම් අනුමත කළ යුතු වන්නේ ද ව්‍යාවස්ථාදායක සභාව මගිනි.
තවද මහ බැංකු අධිපතිවරයා කැඳවා කරුණු වීමසීමට ද මෙමගින් පාර්ලිමේන්තුවට බලය හිමි වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
