අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ කිසිවකුටත් අනතුරක්වී නැත.
මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට වෙඩි කිහිපයක් තබා පලා ගොස් තිබිණැයි කියති.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළහ.
