ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක හා රංගන ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය ඊයේ ( 18) අභාවප්‍රාප්ත වූවාය.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය 1981 වර්ෂයේ සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය.

ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර ඇය මෙහෙය වූ විවිධ වැඩසටහන් ගණන විශාල සංඛ්‍යාවකි.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය අද (18) අඵයම අභාවප්‍රාප්ත වූවාය.

ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය සෙනෙහෙබර මවකි.දේහය ඇරැව්වල උස්වත්ත මැදපාර නිවෙසේ ප.ව. 2.00 සිට තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page