පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඊයේ (18) දිනයේ හෙළිදරව් කළේය.

ඒ, ටී.එන්.එල් රූපවාහිනියේ ‘ජන හඬ’ වැඩසටහනට සහභාගී වෙමිනි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රවී සෙනවිරත්න, මෙම වැඩසටහනේදී විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්විය.

යුධ හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකුගේ දුරකථනයක එමි අංකයක් ඔස්සේ විමර්ශන කළබවත් එය අතරමගදී නැවතීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය. ඔහු එම කාරණය පැවසුයේ ආන්දෝලනාත්මක ”සොනික්-සොනික්” සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කළ කිසිම කොමිසමක හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවේ කිසිම තැන අපරාධ විමර්ශන කොට්ඨාශයට කිසිඳු චෝදනාවක් එල්ල කර නැති බව ඔහු අවධාරණය කළේය.

වව්නතිව් සිදුවීම ගැන කතා කරමින් සෙනෙවිරත්න සඳහන් කළේ, එය සහරාන්ගේ කටයුත්තක් බව අපරාධ විමර්ශන කොට්ඨාශය දැනගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවයි.

ඔහු තම අදහස් දැක්වීමේදී සහරන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් ගත් බව සඳහන් කළේය.

එසේම ඉන්දියාවෙන් තොරතුරු ලබාදෙන තෙක් ශ්‍රී ලංකාවේ බුද්ධි සේවාවන් ඒ ගැන වාර්තා නොකළ බව ද ඔහු පැවසිය.

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයේ සියලු පරීක්ෂණ ඇනහිට තිබෙන ස්ථාන 05ක් පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා ”ජනහඬ ” වැඩ සටහනේදී කරුණු හෙළිකරනු කරනු ලැබිය.

ඔහු සඳහන් කළ පරිදි එම විමර්ශන ඇනහිට ඇති ස්ථාන 05 මෙසේය.

  1. අබුහිඩ් හඳුනා ගැනීමට බාධා සිදු කිරීම
  2. සුරේෂ් සලේගෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට අධිකරණයේ නියෝග ලබා ගැනීමට පවා සිදුවූවද එය කළ නොහැකි වීම.
  3. සොනික් සොනික් යන නාමයෙන් හැඳින්වූ බණ්ඩාර පරීක්ෂණ පැවැත්වීම රාජ්‍ය බුද්ධි අංශයෙන් නතර කිරීම.
  4. දුරකතන IMEI අංකයක් ලඟින් නැවතීම.
  5. වව්නතිව් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යාමටත් පෙර හමුදා බුද්ධි අංශ ලඟාවී තිබීම.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් එම වැඩ සටහනේදී සඳහන් කළේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමේදී පවා මෙතරම් සංවිධානාත්මකව එකම වේලාවකදී ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සමත් නොවූ බවය. එහෙත් එවැනි තත්වයක් අභිබවා ගිය මෙම ප්‍රහාරය මෙහෙයවා ඉස්ලාම් අන්තවාදී නායක සහරාන් හෂීම් පවා ඝාතන කිරීම මෙහෙය වූ බලවේගයක් මේ පිටුපස සිටියේ යැයි ප්‍රබල සැකයක් පවතින බව ඔහු අවධාරණය කළේය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page