මන්නාරම තාල්වුපාඩු ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 12 ක ප්රමාණබයක් අත්අඩංගුවට ගත් බවට මන්නාරම් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පැවසීය.
කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් විසින් තාල්වුපාඩු මුහුදු තීරයේ ආසන්නයේදී සිදුකරන ලද සෝදිසි වැටලීමකදී ජාවාරම් කරුවන් පිරිසක් අදාල කොකේන් තොගය ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
ජාවාරම් කරුවන්ගෙන් පලාගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීඹ සඳහා මේ වන විට පරික්ෂණයක් අරඹා ඇති අතරම කොකේන් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 35 ක් වයසැති අයෙක් බවට අනාවරනය වෙයි
