රත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ මළසිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අත් පා ගැට ගසා තිබු අතර සිරුරේ ස්ථාන කිහිපයක තුවාල දක්නට ඇති බවය.ඔහුගේ වයස අවුරුදු 27ක් පමණ වෙන බවද පොලීසිය පැවසීය.

අදාළ පුද්ගලයා ඉකුත් 17 වනදා සවස පැණිවත්ත කටුදම්පේ ප්‍රදේශයේ පිහිටි අවන්හලක මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී තිබේ.

එම සාදය අතරතුරදී ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවටත් වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව ඊයේ (18) සවස් කාලයේදී ඔහුගේ සිරුර මෙලෙස හමුවී තිබේ.

රත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page