කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (සැප්. 24) පෙරවරුවේ දිවයිනට පැමිණයා.
G77 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා කියුබාවට සැප්තැම්බර් 13 වන දා පිටත්ව ගිය අතර අනතුරුව නිව් යෝර්ක් නුවර බලා පිටත්ව ගියා.
පසුව සැප්. 21 වන දා ලෝක රාජ්‍ය නායකයින් සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේ 78 වන සැසි වාරයට සහභාගි වූ ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනය ද පවත්වනු ලැබීය
ජනාධිපතිවරයා එහි දි රාජ්‍ය නාකයින් රැසක් මෙන් ම ලොව ප්‍රමුඛ පෙළේ සංවිධාන සහ ආයතන ප්‍රධානීන් රැසක් හමු වි ඇත
