හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම මහතාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව මෙම මස 22 දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page