සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරිය විමර්ශනය කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසයි.
පසුගිය දා තංගල්ල සුරාබදු නිලධාරීන් කීපදෙනකු සිදු කල කප්පම් ගැනීම හා පැහැර ගෙන යෑමේ සිද්ධියෙන් පසු මෙම තීරණය ගත් බව කොමසාරිස්වරයා සදහන් කලා.
මේ වන විට සුරාබදු නිලධාරීන් හාරසියකගේ පමණ පුරප්පාඩුවක් පවතින බවත් එම පුරප්පාඩුව පිරවීමට හැකි වුවහොත් අද හෙටම මෙම විශේෂ විමර්ශන කණ්ඩායම පත් කළ හැකි යැයි යයිද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි
