නිවැරදි තීන්දු නොගත්තොත් රටේ ජනතාව දුක් විදින තැනට පත්ව පසුගිය කාලය මෙන් නැවත හිටපු තැනටම යන්න සිදුවෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි .

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින්…….

කෙටි කාලීන විසඳුම් ලබා දීලා 2023 වනවිට බරපතළ තැනට රට තල්ලු වුණා. ජනතාව දුක්විදින තැනට පත් උනා.

රටත් එක්ක නිවැරදිව ගමන් කළ හැකි පිරිසක් සමග එකතු විය යුතුයි. ඒ සඳහා විපක්‍ෂයේ සහය අවශ්‍යයි. අපට විකල්ප යෝජනා කිසිවක් ආවේ නෑ. ආවානම් පිළිගත හැකි යෝජනාවක් අපි සලකා බලනවා.

රටේ යම් පිබිදීමක් තියෙනවා. ඒත් තිරසාර වී නෑ. ඒ සඳහා විශාල වැඩකොටසක් සිදුකළ යුතුයි.ඉදිරි වර්ෂ කිහිපය තිරසර ආර්ථිකයකට උරුමකම් කියන්න අවශ්‍ය නීති සම්මත කර තියෙනවා.

අද ආහාර උද්ධමනය සෘණ 5 ක් දක්වා අඩුවෙලා. සමහර රටවල උද්ධමනය සියයට සියයක් දක්වා වැඩි වෙලා.ලොවම ගෝලීය අර්බුදයට ගිහින් තියෙන්නේ. එහිදී හොඳම ප්‍රතිසංස්කරණවලට රජය ගිහින් තියෙනවා.

දැන් පොළී අනුපාතයන් අඩුවී තියෙනවා. ලීසිං පොළිය 35 ට ගියා. ණය පොළිය සියයට 30 ට ගියා. අද ඒ අනුපාතය සියයට 13 ට අඩුවෙලා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අර්බුදයක ඉන්නේ. ඔවුන්ට ණයක්වත් ගන්න බැහැ. ආසියානු සංවර්ධන බැංකුවත් සමග එකතු වී වැඩසටහනක් ඇතිකර එම ව්‍යාපාරිකයන්ට ණය දෙන්න හැකිවේවි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page