සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කර ඇත .
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ එච් එම් ෆවුසි හා අරවින්ද කුමාර්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ද පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කර ඇත.
පක්ෂයේ තීන්දු හා ප්‍රතිපත්තිවලට එරෙහිව පාර්ලිමේන්තු තුල හා ඉන් පිටත ක්‍රියා කිරීම හේතුවෙන් මෙලෙස දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .
එමෙන්ම පක්ෂයේ ආසන මට්ටමෙන් කාර්යක්ෂමව සංවිධාන කටයුතු මෙහෙයවීමට අපොහොසත් ආසන සංවිධායක සම්බන්ධයෙන්ද විකල්ප වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සදහන් කරා.
