“ස්මාර්ට් රටක් ජයගමු 2048 ” යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අද (21) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු විශේෂ මහා සම්මේලනයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දක්වමින් ..

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තිබුණු ප්‍රධාන බල තල අපි විධායක සභාවට දීලා තියෙනවා.නායකයා පත් කරන්නේ විධායක සභාවෙන් .කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් නෙමෙයි.ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ ගන්න විධායක සභාවෙන් . කෘත්‍යාධිකාරී මණ්ඩලයට තියෙන්නෙ විධායක සභාව ගන්න තීරණ ක්‍රියාත්මක කිරීම.

ශ්‍රී ලංකාවේ පළවෙනි ඩිජිටල් පක්ෂය අපි පිහිටවනවා. පක්ෂයේ අලුත් ව්‍යවස්ථාව අපි 2024 ජනවාරි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරනවා.ලබන වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ ස්මාට් පක්ෂයක් බවට පරිවර්තනය කරනවා. රටත් ස්මාට් රටක් බවට පත් කරනවා. අයවැයේදී මම කියන්නම් කොහොමද ස්මාට් රටක් කරන්නේ කියලා .මේ රටේ ස්මාට් රටක් කරන්න එකත් අපි බාර ගන්නවා

ආර්ථිකය හදන එක යූඇන්පී එකේ වැඩක්, ඒක අමාරු දෙයක් නෙමෙයි. කැබිනට් මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා ඉතුරු වැඩ ටික කරා. රටේ ස්ථාවරභාවය ඇති කරා. හුඟක් අය කිව්වා මේක හදන්න බැහැ කියලා. මම බාර ගත්තා. මම ඒක කරා.

මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ජනාධිපතිකම ඉල්ලුවෙත් නෑ, ලියුම් ලියලා ඉල්ලුවෙත් නෑ. මට බාර ගන්ඩ කිව්වා.මම බාර ගත්තා.කවුරුත් මේක බාරගත්තේ නෑ.සමහර අය බස් එකේ නැගල ගියා. මම භාර ගත්තට පස්සේ බස් එකේ ගියපු අය දැන් ඇවිල්ල කියනවා මටත් දෙන්න කියලා.

ලබන අවුරුද්දේ මම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය තියෙනවා.ඊට පස්සේ පාර්ලිමේන්තු ඡන්දෙ තියෙනවා.ඒක ඉවර කරලා 2025 මුල් කාලයේ පළාත් සභා ඡන්දයක් තියෙනවා. ඒකට එක්සත් ජාතික පක්ෂයේ සූදානම් වෙන්න ඕන.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page