ඇල්ල වැල්ලවාය මාර්ගයේ හෝටලයක් ඉදිරිපිට දි සිදුකළ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක යතුරුපැදිය පොලීසිය විසින් අද සොයාගනු ලැබුවා.

ඒ රාවණා ඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබිම සිදු වු අදාළ හෝටලයට කිලෝමීටර් 5 ක් පමණ දුරකින් අතහැර දමාගොස් තිබියදී ය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් කළ වෙඩිතැබීම සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණු අතර අදාළ යතුරුපැදිය මීට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයෙන් සොරකම් කරන ලද යතුරුපැදියක් බවටද තොරතුරු අනාවරණය කර ගන ඇත .

පසුගිය 31 වනදා සිදුකළ ආදාල වෙඩි තැබීමකින් ඒක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page