2024 අයවැය දෙවන වර කියවීම ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 12,00 ට පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ආරම්භ කරමින් රාජ්‍ය සේවකයින් සදහා ජිවන වියදම් දිමනාව රුපියල් 10,000 කින් වැඩි කරන බව සදහන් කලා.
ඒ අනුව මිලියන 1.3 ක් පමණ වන රාජ්‍ය සේවකයින් සදහා මෙතෙක් ලැබුන ජිවන වියදම් දිමනවා රුපියල් 7,800 ක මුදල රුපියල් 17,800 දක්වා රුපියල් 10,000 කින් වැඩිකරන බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කලා.
ඒහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ…
මේ අයවැය මැතිවරණ අයවැයක් කියා ඇතැමුන් හඳුන්වනවා. මේ අයවැය වෙනස් ඒකක් . මේක රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්. අයවැය සමසේ සකස් කර ගත යුතු බව බෞද්ධ දහමට අනුව සමජිවිකතාවය අනුවයි.
රටේ විදේශ විනිමය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් දක්වා දැන් වැඩිවී තිබෙනවා.
2023 වසරේ අපේ අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,415 යි. නමුත් උපයා ගත්තේ රුපියල් බිලියන 2,410යි.බදු ක්‍රමයේ වෙනසක් සිදුකළ යුතුයි.
රාජ්‍ය අංශයේ ශ්‍රම බළකාය මිලියන 1.3 යි. පඩි වැඩිකිරීම හිතුමතේ කරන්න බැහැ. රාජ්‍ය සේවයට පඩි වැඩිකරන්න බදු ආදායමෙන් සියයට 35 ක් වැය වෙනවා. වැටුප් වැඩිකිරීමට නම් රජයේ ආදායම වැඩි කර ගත යුතුයි.
පීලි පැනපු ආර්ථිකය යළි පීලි මත තැබුවා. දුෂ්කර කාලය ගෙවා දැමුවොත් සුන්දර කාලය උදා වෙයි. පසුගිය වසරට වඩා අද ආර්ථිකය යහපත්. ණය ගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බව බුදුන් වහන්සේත් පෙන්වා දී තිබෙනවා. මේ සංකල්පය ඔස්සේ අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්. සුරංගනා කතාවලින්, සිහින මාළිගාවලින් තුලින් රටක් දියුණු කරන්න බැහැ. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරිපිට සනාථ වුණා.
