යුද්ධය පැවති කාලය තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කරයි.
යුද කාලය තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ ජිවත් වුණු සිංහල ජනතාව විශාල වශයෙන් ගම්බිම් හැර ගියද යුද්ධය නිමාවෙන් පසු යළිත් ඔවුන්ගේ දරුවන් සමඟ තම නිජබිම් වලට පදිංචියට පැමිණියද එලෙස පැමිණෙන සිංහල ජනතාව සඳහා සිංහල පාසලක් නොමැතිවීම විශාල ගැටලුවක් බවද දේවාලංකාර හිමියන් පෙන්වා දෙයි.
යුද්ධය නිමා විමෙන් වසර 14 ක් ගත වුවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාතේ එකම සිංහල පවුලක්වත් පදිංචි නොකිරීම කනගාටුවට කරුණක් බවත් ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් පවතින බවත්
මෙම තත්වය යටතේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මෙන්ම දැන්ට සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ද උල්ලංඝනය වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරයි.
මේ වන විට පරිත්‍යාගශීලීන් හා දානපතියන් පිරිසක් තමන් විසින් ඒකතුකර ගනිමින් කල්කුඩා සිංහල පාසලක් සිදු කරගෙන යන බවත් පුන්නකුඩා ගම්මානයේ පෙරපාසලක් පමණක් පවත්වාගෙන යන බවත් සදහන් කරයි .
මෙම තත්වය අවබෝධ කරගෙන නැගෙනහිර පළාතේ වැසීගිය පාසල් 13 එකක්වත් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද දේවාලංකාර නාහිමියෝ සඳහන් කරයි .
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් ආරම්භක කිරීමට හෝ දැනට ජීවත්වන සිංහල ගම්වාසීන් උදෙසා කිසිදු සහන වැඩපිළිවෙළක් අයවැයෙන් ප්‍රකාශ නොවූ බවත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකර නැගෙනහිර පළාතේ, මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන්, අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජලය සහ විදුලිය පහසුකම් මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් ලබාගැනීමට පූර්ණ අවධානය යොමු කරන ලෙසත් දැනට සිංහල ජනතාවට විවිධ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් මෙන්ම ඇතැම් නිලධාරීන්ගෙන් බොහෝ අඩත්තේට්ටම් සිදුවන බවද දේවාලංකාර නාහිමියන් ඊයේ ( 15) මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කර සිට්න ලදි.
