මෙරට අධිවේගී මාර්ග වල කටයුතු පුද්ගලික සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින් එම සැලසුම අවලංගු කරන ලෙස ඉල්ලා අධිවේගී මාර්ගවල රාජකාරිවලින් මේ මස 22 දින ඉවත්වීමට මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.
එම තීරණයට විරෝධය පළ කරමින් හා එම සැලසුම අවලංගු කරන ලෙස ඉල්ලමින් අධිවේගී මාර්ගවල මුදල් අය කර ගැනීම කටයුතු හා අනෙකුත් රාජකාරිවලින් මේ මස විසි දෙවන දින ඉවත්වීමට ඔවුන් තීරණය කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරන්නේ මුදල් අයකර ගැනීමේ කටයුතු අමතරව මාර්ග නඩත්තු කටයුතු හා වෙනත් මාර්ග නඩත්තු කටයුතු ඇතුළු සියලුම රාජකාරිය එදින ඉවත් වන බවයි .
මේ වසර තුළදී ලබා නොගත් අසනීප නිවාඩු හිමිකම සඳහා ගෙවීම් සිදු කිරීම නතර කිරීමට තීරණය කර ඇති බවත් 22 දින සේවකයන් අසනීප අඩු වාර්තා කරන බවත් පවසා සිටී.
