යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි .
ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත් කෙටුම්පතට අනුමැතිය ලබාදුන් බවත් ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන් කරන ලදි.
නව විදුලිබල පනත මගින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත.
නව පනත මගින් විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කටයුතුවලට පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමට ද හැකියාව හිමිව ඇත.
