අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් හෙට (23) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි.

ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා වන රුපියල් මිලියන 8,571 ක මුදල බැංකු වෙත මුදා හැර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නව අයදුම්පත් කැඳවීම ද දෙසැම්බර් මස ආරම්භ කරන බවයි.

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට ම වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදු කරන බව සේමසිංහ මහතා කියා සිටියේ ය. මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ අබාධිත දීමනා හිග මුදල් ද මේ වන විට ගෙවා අවසන් බවයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page