එච්.අයි.වී. ආසාදිතයන් බවට
තරුණ ප්‍රජාව පත්වීමේ වැඩිවීමක් දකින්නට ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය සදහන් කරයි.
ඒ අනුව 2022 වසරේ හඳුනාගත් එච්.අයි.වී. ආසාදිතයන් 607 දෙනාගෙන් 73 දෙනකු තරුණ ප්‍රජාව බවත් එම පිරිස අවුරුදු 15 ත් 24 ත් අතර වයසේ පසුවන්නන් බව ද ඇය පවසයි.
දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඇය මෙම අනාවරණය සිදු කර සිටියාය.
තමන්ගේ ලිංගික සම්බන්ධතාව විශ්වාසවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් සමග පවත්වන ලෙසත් වෙනත් සම්බන්ධතා පවත්වනවා නම් ආරක්ෂිත උපක්‍රමයක් හැටියට කොණ්ඩමයක් භාවිත කිරීම වැදගත් බවත් දැනටමත් අපේ දිවයින පුරා සායන 41 ක්ම කොණ්ඩම් නොමිලේ ලබා ගත හැකි බවත් ඇය සදහන් කරයි
