ග්‍රාම නිලධාරි තනතුරු සදහා පවතින සියලු පුරප්පාඩු 2024 පෙබරවාරි 4 වන දිනට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි
වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක දි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2021 වසරේ අයදුම් පත් යොමු කළ විභාග අපේක්ෂකයන් සදහන් දෙසැම්බර් මස 02 වන දින විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙම විභාගයෙන් 2238 දෙනෙක් ග්‍රාම නිලධාරී තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය කර දීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තමාට උපදෙස් ලබාදුන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
