ප්ලාස්ටික් හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේ ක්‍රමවේදයක් සහ එයට QR කේත පද්ධතියක් හඳුන්වා දී ඒවා ඒකතු කර ගැනිමට සුදුසු ආයතන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මේම අනුමැතිය හිමි වී ඇත .

එක් වරක් පමණක් භාවිතා කර පරිසරයට බැහැර කරන පොලිඑතීලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) කෝප්ප සහ අනෙකුත් ප්ලාස්ටික් බහාලුම් සදහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.

ඇතැම් පාරිභෝගිකයින් විසින් වගකීම් විරහිතව කටයුතු කිරීමත් කාර්යක්ෂම එකතු කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීමෙන් හේතුවෙන් ඒම පාලාස්ටික් බාහිර පරිසරයට එකතු වි සංවේදී පරිසර පද්ධතීන්ට ඇතුළුවීම සිදුවේ.

එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘති 2 ක් ක්‍රියාත්මක කර ඇති අතර එම නියමු ව්‍යාපෘති දෙකෙහි ප්‍රතිඵල මත හිස් බහාලුම් නැවත එකතු ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදය යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

මෙම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයා අදාළ භාණ්ඩය මිල දී ගන්නා අවස්ථාවේදී විකුණුම්කරු තාවකාලික මුදල් තැන්පතුවක් ලබා ගන්නා අතර හිස් බෝතලය හෝ ඇසුරුම් ආපසු ලබා දුන් පසු මුදල් තැන්පතුව ආපසු ගෙවනු ලැබේ.

මෙම ක්‍රමවේදය තවදුරට ත් වැඩි දියුණු කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වා දෙනු ඇත.

ඒ සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීම සහ තෝරාගනු ලබන ආයතන මගින් QR කේතයක් පදනම් කර ගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page