අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,406,932 ක් සඳහා ඔත්කෝබර් මාසය වෙනුවෙන් අවශ්‍ය රුපියල් මිලියන 8,775ක මුදල බැංකු වෙත ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි

ඒ අනුව අදාළ මුදල් හෙට දිනයේ සිට ප්‍රතිලාභීන්ගෙ ගිණුම් වෙත බැර කෙරෙනු ඇත.

ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පවුල් 290,070කට, දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 605,379කට සහ අන්ත දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 302,258කට මෙවර ප්‍රතිලාභ හිමි වන බවයි වැඩි දුරටත් සඳහන් කළේ.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගන්නා ප්‍රතිලාභීන්ට ජූලි මාසයේ සිට හිමි විය යුතු ප්‍රතිලාභ මුදල් ගෙවීමට කටයුතු කරන බව සේමසිංහ මහතා වැඩි දුරටත් පැවැසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page